තංගල්ල- මැදකැටිය ප්රදේශයේ හෝටලයක් තුළදී මියගිය තරුණ යුවලගේ මරණ සියදිවි හානිකර ගැනීම් බව පශ්චාත් මරණ පරීක්ෂණවල දී තහවුරුවූ බව පොලිසිය පවසයි
මියගිය තරුණයා එම හෝටලයේම සේවකයෙක් වන අතර ඔහු මෙම තරුණිය පෙරෙදා
හෝටලයට කැඳවාගෙන විත් ඇති බවත් ඔවුන් රැඳී සිටි කාමරය තුළ තිබී ඔවුන්ගේ මළ සිරුරු ඊයේ (23) සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
මියයෑමට පෙර ඔවුන් දෙදෙනා ලිපියක් ලියා ඇති අතර එය කාමරය තුළ තිබී පොලිසියට හමුවී ඇත . තරුණ පෙම්වතාට උප්පැන්න සහතිකයක් නොමැති බවත් එනිසා විවාහයට බාධා පැවතීම මත දෙදෙනාගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නා බව එහි සඳහන්ව තිබී ඇත. මෙම තරුණයා හෝටලයෙන් ඉවත්ව යනු ඇතැයි සැක කර කිසිවෙක් උප්පැන්න සහතිකය සාදාගැනීමට උදව් නොකරන බවද එහි සඳහන්ව ඇත.
පොලිසිය සඳහන් කළේ මෙම යුවළ ගෙල වැලලාගෙන සියදිවි හානි කරගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති බවයි . 22 හැවිරිදි වියේ පසුවූ තරුණයා තංගල්ල ප්රදේශයේ පදිංචි කරුවෙක් වන අතර 17 හැවිරිදි වියේ පසුවූ තරුණිය අම්බලන්තොට ප්රදේශයේ පදිංචිව කාරියකි.