ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්රියාවලට එරෙහිව ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසයි.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්රකාශ කළේ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ලබන මස (පෙබරවාරි) 09 වන දින එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවය.