නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ජනවාරි මාසය තුළ සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් මේ මස තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප්‍රතිපත්ති සමාලෝචනයට හා විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (24) පැවත්වා ඇති අතර එහිදී මේ බව දැනුම්දී තිබේ.
එමෙන්ම පෙබරවාරි මාසය තුළ තවත් ගල් අඟුරු නෞකා 07ක්, මාර්තු මාසය තුළ නෞකා 07ක් සහ අප්‍රේල් මාසය තුළ නෞකා 07ක් ලෙස ගෙන්වා ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති බව සඳහන්ය.