මැතිවරණ සමයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මහ බැංකුව ජනවාරි පළමුවැනිදා සිට ඩොලර් නිකුත් කිරීම නවතා ඇති බැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට අධික පිරිවැයක් දරමින් වෙළඳපොලෙන් ඩොලර් මිලට ගැනීමට සිදුව ඇති බවත්, මැතිවරණ කලාසීමාව තුළදී එම තත්ත්වය පිළිබඳ සලකා බලන ලෙසත් මහ බැංකු අධිපතිවරයාට යවූ ලිපිය මගිනි මැතිවරන කොමිෂම ඉල්ලා සිටී.