සහල් ටෙන්ඩරය පුද්ගලික අංශයට විවෘත කිරීමට ආණ්ඩුවේ අවධානය

සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා පමණක් සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන තිබූ තීරණය වෙනස් කරමින් සහල් ආනයනය කිරීම සදහා පුද්ගලික අංශයටත් අවස්ථාව හිමිවන පරිදි විවෘත ඩෙන්ඩර කැදවීමකට රජයේ අවධානය යොමුව ඇතැයි ආරංචිමාර්ග සදහන් කරයි.

රජයේ ආයතන හරහා පමණක් ස්වර්ණ නාඩු මෙට්‍රික් ටොන් හැත්තෑදහසක් ආනයනය කිරීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. එහෙත් රජයේ ආයතන හරහා සහල් ආනයනය කිරීමේදී උත්සව සමයට පෙර සහල් ආනයනය කිරීමට අවස්ථාව නොලැබෙන බවට කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුනහොත් ලබන 15 වැනිදාට පෙර සහල් ආනයනය කිරීමට හැකිදැයි පුද්ගලික ආනයනයකරුවන්ගෙන් විමසා ඇත. ඒ සදහා තමන්ට හැකියාවක් ඇති බවට සහල් ආනයනකරුවන් සහතික වී ඇති අතර ඒ අනුව විවෘත ටෙන්ඩර කැදවීමට නියමිතව ඇතැයිද ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.