රුසියාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ ලාංකිකයන් 500ක් – පලා ගියොත් මරණය

රුසියානු හමුදාවේ කඳවුරු පිරිසුදු කිරීම සහ බංකර් අලුත්වැඩියා සඳහා යැයි සඳහන් කරමින් විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවට රැගෙන ගොස් ඔවුන්ව යොදවා ඇත්තේ කුලී හේවායන් ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට බව ද අනාවරණය වී තිබෙනවා.

එසේ රුසියානු හමුදාවේ 500ක පමණ ශ්‍රී ලංකිකයන් පිරිසක් සේවයේ නිරතව සිටින බව රුසියානු කුලී හමුදාවෙන් පලාවිත් මෙරටට පැමිණ සිටින යුද හමුදා විශේෂ බළකා සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් සිටින කෝප්‍රල්වරයකුවිසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කරනු ලැබුවා.

රුසියානු කුලී හමුදාවට එක්කරගෙන ඉදිරි ආරක්ෂක වළල්ලේ යුදමය කටයුතු සඳහා යොදවා සිටින මෙරට හමුදාවල සේවය කර විශ්‍රාම ගිය අය අතර වැඩි වශයෙන් ඇතැයි පැවසෙන්නේ යුද හමුදාවේ කමාන්ඩෝ සහ විශේෂ බළකායේ සාමාජිකයන් බව ද අනාවරණය වනවා.

පිරිසුදු කිරීමේ සේවා කටයුතු සඳහා යැයි රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යුද බිමට දමන්නේ බලහත්කාරයෙන් බවත් පලා යන අයට වෙඩි තබන බවත් හසුවන අයව සිරගත කරන බවත් පලාවිත් සිටින විශ්‍රාමික කෝප්‍රල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!