බදු මුදල් නොගෙවා ඇති සමාගම්වලට අත්වන ඉරණම

බදු මුදල් නොගෙවා ඇති රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම,ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සහ මීගොඩ මැකලම් බෘවරි සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාවලියකට යොමුවී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ලුණුවිල ග්ලෝ බ්ලෙන්ඩර්ස්, වයඹ ස්ප්‍රීතු සමාගම සහ පයාගල සමූපකාර මත්පැන් නිෂ්පාදනාගාරවලට අදාළ අයිතිය තහවුරු කර ගැනීමේ කටයුතුවලට පසුව එම සමාගම්වලට අදාළ හිඟ බදු අයකර ගැනීමද නියමිතව තිබෙනවා.

බදු ගෙවීම් පැහැර හරින සමාගම්වල ඊලඟ වර්ෂය සඳහා බලපත්‍රය දීර්ඝ නොකිරීමටයි තීරණය කර ඇත්තේ.