කුවේට් රාජ්‍යයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් 41ක් මරුට

කුවේට් රාජ්‍යයේ ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි ගැනීමකින් එහි සිටි 41 දෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මිය ගිය පිරිස තුළ ඉන්දියානු ජාතිකයින් සිටින බවත් එම වාර්තා පවසනවා.

ගින්නෙන් තුවාල ලැබූ පිරිස 50ක් පමණ වනවා.

ඉදිකිරීම් සමාගමේ සේවය කරන සේවකයින් 160 දෙනෙකු පමණ එහි වාසය කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!