ඒ.එස්.පී නෙවිල් සිල්වා රිමාන්ඩ්

පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අත්අඩංගුවට ගත් අතර මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

2023 වර්ෂයේ අගෝස්තු 2 වෙනි දින රත්නපුර කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14 ක් පමණ වටිනා වාහන සහ මැණික් ඇතුළු දේපළ තොගයක් එම ප්‍රදේශයේ පුද්ගලයකු බලහත්කාරයෙන් ලබාගත් බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබූණා.

එකී පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බලහත්කාරයෙන් එම දේපළ ලබා ගත් බව කියන පුද්ගලයාව එම දේපළ සමග කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් එම දේපළ පැමිණිලිකරු වෙත ඒක පාර්ශ්විකව ලබා දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලකට අනුව අනාවරණය වීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.