ඉදිරියේදී යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඊයේ (09) පැවති දෙරණ 360 දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
“අන්තිම කැබිනට් මාධ්‍ය හමුව කලින් මාධ්‍ය හමුවට අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වෙලා හිටියා. ඔහු එතනදී වාහන ආනයන සම්බන්ධයෙන් අපේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ප්‍රකාශයට පත්කළා. ඒ අනුව යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදෙන්න තමයි රජය කටයුතු කරන්නේ.”
“එහෙම කිව්වා කියලා ඕන වාහනයක් ආනයනය කරන්න ඉඩදෙනවා වගේ දැන්වීම් දාලා ජනතාව අවුල් සහගත තත්ත්වයට පත්කරන්න එපා කියන එක සමහර ආයතනවලින් ඉල්ලන්න කැමතියි. මොකද ඒ ආනයනට තීන්දු ගනිද්දී අපේ සංචිතය පිළිබඳව, අපේ ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි තීන්දුව ගන්නේ ක්‍රමාණුකූලව. එසේ නොවුණහොත් ආර්ථිකයට බරපතළ පීඩනයක් එල්ල වෙන ආකාරයට ඒ තීන්දුව ගන්න අපි සූදානම් නැහැ.”