රිය අනතුරකින් 20ක් රෝහලට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

වරකාපොළ – දුම්මලදෙණිය ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , ඒ අතර බස් රථයේ ගමන්ගත් වැඩිපිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.