ඉඩමක් ලියාපදිංචි කිරීමේදී TIN ඕනෑ

ඉඩමක් ලියාපදිංචි කිරීමේදී සම ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමේදීද “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’’ (TIN) අනිවාර්ය කිරීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධානය යොමුකර ඇත.

ඒ අනුව, මේ වසර තුළදී එය අනිවාර්ය කිරීමට නියමිතය.

ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද මෙරට සියළුම පුරවැසියන් ටින් අංකය ලබාගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති හා නීති සම්පාදන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන පැවසීය.

ටින් අංකය යනු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සනාථ කිරීමේ අංකයක් පමණක් බවත්, එම අංකය ලබා ගැනීමෙන් සියලු දෙනා බදු ගෙවිය යුතු බව සනාථ නොවන බවත් ඔහු කීවේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ජාතික හැඳුනුම්පත සහ දුරකථන අංකයක් ඉදිරිපත් කර කෙටි වේලාවක් තුළදී ටින් අංකය ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

ටින් අංකය ලබා ගැනීමෙන් පසුව අදාළ පුද්ගලයා සිදුකරන ගනුදෙනු තොරතුරු සියල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා කියා සිටියේය.

කෙසේ නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවිය යුත්තේ තක්සේරු වර්ෂයේ (අප්‍රේල් මස පළමුවැනිදා සිට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වැනිදා දක්වා) අදායම රුපියල් ලක්ෂ 18 ට වැඩි පුද්ගලයන් පමණක් බවද ඔහු පැවසීය.

ජංගම ගිණුමක් විවෘත කිරීමේදී සහ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී ටින් අංකය අනිවාර්ය කර තිබේ