ජනපති සමාව අනීතික ලෙස භාවිත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (CID) විසින් අද (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.