එළබෙන මහා මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රිවරුන් විසිදෙනෙකුට වැඩි ප්රමනයක් සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට සාකච්චා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම තත්ත්වය නිසා එම පක්ෂයෙන් මීළග මහා මැතිවරණයට තරඟ කිරිමට අපේක්ෂාවෙන් සිටි ඉදිරිපෙළ ක්රියකාරිකයන් විශාල පිරිසක් දැඩි කළකිරීමට ලක්ව සිටිනා බව වාර්තා වේ.
පොදුජන පෙරමුණේ සාමාජිකය්න්ට සමගි ජන බලවේගයේ අපේක්ෂකත්වය ලබාදීම නිසා තමන්ට බරපතල අසාධාරණයක් වන බව ඕවුහු පවසති. එමෙන්ම ජනතවට එපාවී සිටිනා පක්ෂයක සාමාජිකයන්ට ස.ජ.බ ලයිස්තුවේ ඉඩ විවර කිරීම නිසා බරපතල අවාසියක් පක්ෂයට සිදුවෙන බව ඕවුහු පෙන්වාදෙති .
පළාත් සභා මැතිවරණය පවා අවිනිස්චිතව තිබෙනා අවස්ථාවක තමන්ට මහ මතිවරණයකට මුහුණ දීමට ලැබෙනා අවස්ථාව පොදුජන පෙරමුණට ලබාදීම පිළිබඳ තම විරෝධය පලකරන බවත්, පක්ෂ වෙන වෙනම තරග කර සන්ධානයක් ලෙස එක්වීම වඩාත් සුදුසු බව ඔවුහු පවසති.