2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් රටට ගෙන ආ ජාත්‍යන්තර කිර්තිය අගයනු වස් ඔවුනට තිළිණ පිරිනැමීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්රිකර් ආයතය සංවිධනය කර තිබුනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ, විධායක කමිටුව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී එම ඇගයීම් උත්සවය පැවැත්වෙන ලදි .
එම අවස්ථාවට අසියානු පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුන් පිළිගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, උප ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත සහ සහකාර භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ එක්ව සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සභික කිත්සිරි ද සිල්වා ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර යන අයද මෙම අවස්ථාවට එක්විය.
2023 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න, ‘රිදී පදක්කම්ලාභී’ නදීෂා දිල්හානි ලේකම්ගේ ඇතුළු ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ඇගයීමට ලක් කර මුදල් ත්‍යාග ප්රදානය කිරීම මෙහිදී සිදුකෙරුනි .
ආසියානු රන්පදක්කම් ලාභී තරුෂි කරුණාරත්නට ඇය ලබාගත් රන් පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 10 ක්ද, ඇය ලබාගත් ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනයක් ද පිරිනැමුණ අතර, රිදී පදක්කම්ලාභී නදීෂා දිල්හානි ලේකම්ගේට රුපියල් මිලියන 5 ක මුදලක් ද පිරිනැමිණි.
පසිඳු කොඩිකාර, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා, සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන් දිනාගත් ලෝකඩ පදක්කම් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් පිරිනැමුනි.
ඊට අමතරව තරුෂි කරුණාරත්න ගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු හට රුපියල් මිලියන දෙකක්ද, නදීෂා දිල්හානි ලේකම්ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත හට රුපියල් මිලියන එකක්ද පිරිනමනා ලදි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ වගකීම් වැඩසටහනේ කොටසක් ලෙස මෙම ත්‍යාග ප්‍රධානය සැලසුම් කර තිබුනි.
මේ අතර, 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ද ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් උපහාර පිරිනැමීම ද විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත.