රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක් ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙන යන රටක් බවට මේ රට පත්වීමට තිබූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.
තියෙන කෙනාගෙන් උදුරාගෙන, මරාගෙන කන, විශාලා මහනුවරක් බවට පත්වීමට තිබූ රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත්, ඔහු නැවත වරක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට දේශපාලන පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේධයකින් තොරව ජනතාව එක් රැස් කරන ජනතා වේදිකාව “යුනයිට් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සම්මේලයනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
අපේ රටට ඇති තරම් දේශපාලඥයින් සිටියත්, අද අවශ්‍ය වන්නේ දූරදර්ශී රාජ තාන්ත්‍රිකයෙක් බවද, අද රටේ සිටින එකම රාජ්‍ය තාන්ත්‍රිකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් බවද ඔහු සඳහන් කළේය. ඔහු රට භාරගත් නිසා හුස්මගැනීමට හැකි රටක් නිර්මාණය කළ බවද ඔහු සඳහන් කළේය.
රටේ ජනතාව අමාරුවෙන් ජීවත්වූ, බංකොලොත් යුගය අවසන් කර තිබෙන බවද, මාර්තු මාසයෙන් පසුව බඩු මිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවද පෙබරවාරි මාසයේ සිට විදුලි බිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවද අමත්‍යවරයා කීවේය.
ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක සිදුවෙමින් පවතින අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බෙදෙන්නේ නැතිව සියලු දෙනාම එකට එක්විය යුතු බවද, ඒ සදහා වන වේදිකාව “යුනයිටඩ් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ගමන ඉදිරියට යන බවද අමාත්‍යවරයා කීවේය.
මේ මස අවසානයේදී වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බවද, ජනාධිපතිවරයා විදේශ ගතවූයේ ඒ සදහා වන නියෝගය තමන්ට ලබාදීමෙන් පසුව බවද ඔහු සදහන් කළේය.
ඊශ්‍රාලයේ කෘෂි ක්ෂේත්රයේ හා ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා විවෘත කළ ආකාරයටම ඉදිරියේදී කොරියානු කෘෂි ක්ෂේත්රයේ රැකියා අවස්ථා විවෘත කරගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.