රජය ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් ප්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය මගින් ලබා නොදෙනා බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය .
විවිධ අබලන් ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදියෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතාවයන් මහජන මාධ්‍ය මගින් විකාශය කළ යුතු අතර පවතින පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ජනමාධ්‍ය අමාත්‍ය උපදේශක කාරක සභාවේදීය. දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව අමාත්‍යවරයා පැවසීය.