මැතිවරණයකට වෙන්කළ කිසිම මුදලක් රඳවාගෙන නෑ

අයවැය යනු පූර්ව පුරෝකථනයක් පමණක් බවත්, අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇතත් මැතිවරණයකට ලබාදීමට වෙන්කළ මුදලක් ආණ්ඩුව රදවාගෙන නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි . ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ ඔහු මෙලෙසින්ද පැවැසීය .

”දැනට රජයට ලැබෙන සීමිත මුදල් ප්‍රවාහය රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පෙළගැස්මක් යටතේ පමණක් වියදම් කරමින් සිටිනවා. එම පෙළගැස්ම වෙනත් කාරණාවකට වෙනස් කළහොත් නැවතත් පෝලිම් යුගයක් ඇති වීමේ අවදානමක් ඇති විය හැකියි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *