බොලා ටිනුබු ( Boa Tinubu) නයිජීරියාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කර ඇත. ඔහු එරට ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ය.
70 හැවිරිදි බොලා ටිනුබු 36% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව නිල ප්‍රතිඵල පෙන්වා දෙයි.
ප්‍රධාන ප්‍රතිවාදියා වූ Atiku Abubakar 29% ක් සහ කම්කරු පක්ෂයේ අපේක්ෂක Peter Obi 25% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ.
බොලා ටිනුබු සිය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා “මේ මගේ වාරයයි” යන සටන් පාඨය යටතේ ප්රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේ ය.