විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් සිදු කරමින් යන්නේ ගැලරි දේශපාලනයක් බවත්, ඉන් ඉවත්ව වර්තමානයට ගැලපෙන ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයක නියැලෙන ලෙස යුනයිටඩ් යූත් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ආගම සහ විශේෂයෙන් පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්, ඔහුගේ පටු දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම පිලිකුල් සහගතව හෙලා දකින බවත් දේශපාලනය ගැන හයක් හතරක් නොතේරෙන පාසල් දරුවන්ට පරිඝණකයක් ලබා දෙමින්, තවත් විටෙක සමහර පාසල්වලට බස්රථ ලබා දෙමින් ඔහුගේ පක්ෂ දේශපාලනය පාසල් තුළට ගෙන යාම තවදුරටත් නොකල යුතු ක්‍රියාවක් බවත් එම සංවිධානය අවධාරණය කරනවා.
සජිත් ප්‍රේමදාස මහතාට ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා එසේ උපකරණ ලබාදිය යුතුව ඇත්නම් ඒ සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයට භාර දී නිසි ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය පාසල්වලට බෙදා හැරීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි යුනයිටඩ් යූත් සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
විපක්ෂ නායකවරයා අතීතයේදි පන්සල්වලට රුපියල් පනස්දාහක් ලබා දෙමින්, ආගම විකුණාගෙන තම දේශපාලන ව්‍යාපාරය ගෙනගිය බවත්, සමාජයෙන් පැන නැගුන විරෝධතා නිසා එම ව්‍යාපාරය නවතා දැමූ බවත්, දැන් පාසැල් ළමුන් ඒ සදහා යොදා ගන්නා බවත් යුනයිටඩ් යූත් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.