ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සිය සතුට පලකරනා බව එම කොමිසමේ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසන්නීය.
මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ඇය, පුරාවිද්‍යා, වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව ද ප්‍රසංශාව පළ කර සිටින්නීය .
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම් කඩිනම් විය යුතු බව පෙන්වා දෙන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම ද මානව හිමිකම් කවුන්සිල 53 වන සැසිවාරය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. කැනඩාව, මලාවී, මොන්ටිග්රෝ, උතුරු මැසිඩෝනියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රටේ මැතිවරණ ක්‍රම කෙරෙහි ඡන්ද දායකයින්ගේ විශ්වාසය පවත්වා ගනිමින් කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහතික කිරීම මඟින් ශ්‍රී ලංකාව සිය නියෝජ්‍ය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ඇය සිය වාර්තව මඟින් පෙන්වා දුන්නාය.