ICC ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඇලඩයිස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර ඇති බව වාර්තාවේ. යොමු කර ඇති මේ ලිපිය මගින් කියවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍ය එඔෂාන් රණසිංහ අතර මතුව ඇති මත ගැටුම් නිසා ශ්‍රී ලංකාවට 2024 දී පැවත්වීමට නියමිත ICC වාර්ෂික සමුළුව හා ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය අහිමි වීමට ඉඩ ඇති බව එමගින් දන්වා ඇතිබව පැවසේ .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්වාධීනත්වය තහවුරු කර පෙන්වීමට අසමත් වන්නේනම් මෙම තත්ත්වය උදාවිය හැකිබව ICC ප්‍රධාන විධායක නිළධාරි ජෙෆ් ඇලඩයිස් සිය ලිපිය මගින් අවධාරණය කර ඇටහිබව ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
2024 අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2026 විස්සයි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2027 වසරේ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ මූලික සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී ඇත. එම තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නම් ඡන්දයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම්වලින් තොර සහායෝගයක් රජයෙන් ලැබෙන බව තහවුරු කළ යුතු බව ICC ආයතනය සිය ලිපිය මගින් පවසා ඇත.