ඉන්ධන බවුසර්වලට හමුදා ආරක්ෂාව

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන්න ලෙසත්, රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ පවතින අතර බෙදා හැරීම් හමුදා ආරක්ෂාව යටතේ අඛණ්ඩව සිදුවෙන බවටත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් බලහත්කාරයෙන් වර්ජනයට යොමුකර තිබූ සේවක සේවිකාවන්ට තම රාජකාරියට පැමිණීමට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය හා හමුදාව විසින් ලබදී ඇති බවත්, මේ වනවිට ප්‍රමාදවී ඇති තිබූ ඇනවුම් බෙදාහැරිමටත්, බෙදාහැරීමේ පර්යන්තවලට අවශ්‍ය ආරක්ෂා ලබා දීමටත් ආරක්ෂක අංශ කටයුතු කරමින් ඇතැයිද ඔහු සිය ට්වීටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *