ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන් පන්සීය ගුණයක් ඉක්මවා ඇති බව එම වාර්තා සඳහන් කරයි.
මේ නිසා ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, අගනුවර පිහිටි ප්‍රාථමික පාසල් සියල්ල 10 වනදා දක්වා වසා දැමීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන ඇත.
එමෙන්ම ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යාවල සලාක ක්‍රමය අනුව නගරය තුල වාහන ධාවනය කිරීමට අවසර දෙන බව ද, මෙම ක්‍රමය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා ක්‍රියාත්මක කරන බව ද දිල්ලි බලධාරීන් ජනතාවට දැනුවත් කර ඇති බව වාර්තා වේ.