හෙට පාන්දර උල්කාපාත වර්ෂාවක්

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසා ඇත්තේ ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොඳින් දැක ගත හැකි බවයි.

මෙලෙස උල්කාපාත වර්ෂාව හෙට (18) සහ අනිද්දා (19) දිනයන්වලදී දැක ගැනීමට හැකියාවක් පවතිනවා.

මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර දැකිය හැකි බවයි වාර්තා වේ.

මේ දින දෙක තුළදී පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාතය දැකගත හැකි බවයි සඳහන් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!