හැටනව ලක්ෂය බලගන්වන්න විමල්, උදය, දිලිත් අද නුගේගොඩට එනවලු

“සර්ව ජන බලය” දේශපාලන එකමුතුව සංවිධාන කරන ජනතා රැලිය අද (18) පැවැත්වෙනවා.

සවස 2.00 එම නුගේගොඩ දී එම ජන රැලිය ආරම්භ කිරීමට නියමිතයි.

“හැටනව ලක්ෂය බලාපොරොත්තු යළි බලගන්වන්නට” යන තේමාවෙන් එම ජනතා රැලිය පවත්වනු ලබනවා.

ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන ‘සර්ව ජන බලය ‘ එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 7ක නියෝජිතයෝ මෙම රැලියට එක් වනු ඇති.

ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජයන්ත සමරවීර, ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන, ගාමිණි වලේබොඩ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම රැලිය ඇමතීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!