හජ් උත්සවය අද

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම ප්‍රමුඛ අරමුණ කරගත් හජ් උත්සවය අද පැවැත්වෙනවා.

ඊබ්‍රාහිම් නබිතුමන්, පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවය ලොව පුරා වෙසෙන ඉස්ලාම් ආගමික බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරනු ලබනවා.

සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!