සෞදි රාජ්‍ය මගින් පීඩාවට පත් සුඩාන වැසියන් 195 අද බේරාගැනේ

විපතට පත් සුඩානයට සෞදි අරාබි රාජ්‍ය විසින් අද (28) දිනයේ දී පුද්ගලයින් 195 දෙනෙකු මුදා ගනිමින් ඔවුන් ජෙඩා නගරය වෙත ගෙන ඒමට සමත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජනරජයේ සෞදි අරාබි රාජධානියේ තානාපති Khalid Hamoud Alkahtani විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.

“සෞදි රාජධානි නායකත්වයේ උපදෙස් යටතේ එම රාජධානියේ ප්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේදී මෙන්ම් දෙවියන් වහන්සේ ඔවුන්ට සාර්ථකත්වය ලබා දෙත්වා” ලෙස පවසන තානාපතිවරයා පහත සඳහන් ජාතීන්ට අයත් සහෝදර සහ මිත්ත්‍රශීලී රටවල පුරවැසියන් 195 දෙනෙක් අද සිකුරාදා ජෙඩා වෙත පැමිණි බව තහවුරු කරයි.

ඒ ශ්‍රී ලංකාව, පකිස්ථානය, පලස්තීනය, තායිලන්තය, මොරිටානියාව, ඇමරිකා එක්සත් ජනපදය, පෝලන්තය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රියාව, ඉන්දුනීසියාව, කැනඩාව, ඉරාකය, ඊජිප්තුව, ඕස්ට්‍රේලියාව, සිරියාව යන රටවල පුද්ගලයන් ය.

ඔවුන් සිය රටවලට පිටත්ව යාමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ව ප්‍රවාහනය කරන ලද්දේ සෞදි රාජධානියට අයත් “මක්කා” නම් රජුගේ නෞකාව හරහාය. මෙම ඉවත් කිරීම් ක්‍රියාවලිය ආරම්භයේ සිට සුඩානයෙන් මේවනවිට ඉවත් කර ඇති මුළු පුද්ගලයන් 2991 කි (සෞදි ජාතිකයන් 119 ක් සහ වෙනත් පුද්ගලයන් 2872 කි මොවුන් ජාතීන් 80 කට අයත් වේ ) .

ඔවුන්ගේ රටවලට පිටත්ව යාමට පහසුකම් සැලසීම සඳහා සූදානම් වීමේ දී විදේශීය පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සැපයීමට රාජධානියේ උනන්දුව අවධාරණයකර සිටින අතර, එබැවින් ඉවත් කිරීම් ක්‍රියාවලිය ආරම්භයේ සිට සුඩානයෙන් මේවනවිට ඉවත් කර ඇති මුළු පුද්ගලයන් 2991 කි (සෞදි ජාතිකයන් 119 ක් සහ වෙනත් පුද්ගලයන් 2872 කි මොවුන් ජාතීන් 80 කට අයත් වේ ) .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *