ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සෙවනගල සීනි සමාගමේ නිෂ්පාදන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා නිරීක්ෂණ චාරිකාවේ යෙදිණි.
මෙහිදී නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරු රැස්ව සිටි සෙවනගල සීනි ආයතනයේ පිරිස අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ,
මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමලේඛනයේ සෙවනගල සීනි සමාගම ඇති බවත් මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බැවින් කිසිසේත් විකිනීමට අවස්ථාව ලබා නොදෙන බවය.
එමෙන්ම, “ජානක වක්කුඹුර අමාත්‍යවරයාගේ සහ රමේස් පතිරණ අමාත්‍ය වරුන්ගේ පිළිරුවක් හදල මල්මාලා දාන්න ඕන ඒ අය තමයි මේ සෙවනගල මේතත්වයට ගත්තේ” යනුවෙන් ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා විසින්,
සජිත් පේමදාස සෙවනගල සම්බන්ධයෙන් කරන ලද ප්රකාශයකටද පිළිතුරු ලබාදෙන ලදී.
ගොවීන් විසින් සෙවනගල සීනි ආයතනය විකුණනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නැවතත් අමාත්‍යවරයා කියා සිටියේ කිසිසේත්ම ලාබ ලබන සෙවනගල තමන්ගේ කාලයේදී විකිනීමට ඉඩ නොතබන බවත්, මොණරාගල දිස්ත්‍රික්කයේ වේලිඔය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ නව සීනි කම්හලද ඉදිරිමට තමන් බලාපොරොත්තු වන බවද කීය.
සජිත් කියනවා නියම බඩුවකට මේක දීල තියෙන්නේ මේක විකුණලා දායි කියල. ඉතාම වගකීමෙන් කියන්නේ, මගේ අමාත්‍යංශයේ තියෙන කිසිම ලාබ ලබන කිසිදු අමාත්‍යාංශයක් මම විකුනන්නේ නැහැ. විකුණන ලැයිස්තුවේ සෙවනගල තියෙනවා. ඒක කොහොම ආවද කියල මම දන්නේ නැහැ. මම මේක විකුනන්නේ නැහැ. ගජ මිතුරන්ට දෙන්න යනව කියනවා. ගජ මිතුරන් මේක ගන්නේ නැහැ. ඒ අය සල්ලි ටිකක් ඉල්ලල තියෙනව. අපි ඒත ලබල දෙනව. යයි අමාත්‍යවරයා කීය.