සිසු සැරිය බස් රථයක් අනතුරට ලක් වෙයි – සිසුන් 20කට තුවාලයි

පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබෙනවා.

කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරියක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකා‍ර සඳහා කඩිනමින් නවගමුව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!