සාමාන්‍ය පෙළ නොපවත්වා සියලු දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව දෙන්නට යෝජනවක්

පාසල් දරුවන්ට ඇති වී තිබෙන තත්ත්වය මත එක වර්ෂයක සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා සියලු දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා සහතිකයක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය .

ලක්ෂ හයක පමණ පාසල් සිසුන් පිරිසක් පෙල විභාගයට පෙනී සිට ඉදිරියට යා ගැනීමට නොහැකිව හිර වී සිටි නිසා මෙය සලකා බැලිය යුතු යෝජනාවක් බව ඔහු පැවසීය. ඒ අනුව එක් වසරක් සඳහා සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම සියලුම දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හරහා සහතිකයක් ලබා දීම සුදුසු බවද හෙතෙම සඳහන් කළේය.

එක වර්ෂයක් සඳහා මෙම කාර්යය කළහොත් ඉන් පසු නැවත පැරණි ආකාරයටම විභාග කාල සටහන ක්‍රියාත්මක කළ හැකි බවද කියා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *