සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලැබෙන දිනය මෙන්න

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙර 2023 වසරේ සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි මාස දෙවන සතියේ ආරම්භවීමට නියමිතව බවත් අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා දැනුම්දුන්නා.”