යෝජිත බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන තෙක්, රජය තම අන්තර්වාර විසඳුම කුමක්දැයි ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි . මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව පැවසීය.
තම සංගමය ඉදිරිපත්කරනා ලද යෝජනා මත පදනම් වූ සංශෝදන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන ඊළඟ සමාලෝචනයට ඉදිරිපත්කිරීම සම්බන්ධව රජය ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති මුත්, ස්ථිර විසඳුම ක්‍රියාවට නගනා තුරු රජය යෝජනා කරනා අන්තර්වාර යෝජනා මොනවාදැයි ප්‍රකාශ කිරීම වැදගත් බව ඔහු පැවසීය.
වෘත්තිකයාගේ ඉවසීම හෑල්ලුවට ලක් නොකරණ ලෙසටද එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.