සමෘද්ධි බැංකුවේ කෝටි නමයක වංචාවට සිව්දෙනෙක් අත් අඩංගුවට.

තැන්පතු කරුවන්ට ණය ලබදෙන මුවාවෙන් සමෘද්ධි බැංකුවෙන් රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කළ සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇති. මෙලෙස අත් අඩංගුවට පත් පිරිස අතර වැඩ තහනමට ලක්ව සිටිනා සමෘද්ධි කළමණාකරුවෙ, බැංකුවක සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක සහ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
තැන්පටහ් කරුවනට ණය ලබාදෙන ආකාරයට ව්‍යාජ ලේඛන සකස් කර මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *