සජිත් වෙනුවෙන් බෙල්ල දුන් මුජිබර්ගේ තටු කැපේ – වෘත්තීය සමිති ලොකු පුටුවත් අහිමිවේ

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම මත, කොළඹ මහ නගර සභාවට තරග කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ මුජිබර් රහුමාන් හිටපු මන්ත්‍රීවරයාට පක්ෂය තුළ හිමිව තිබූ තනතුරු අහිමිවෙමින් තිබෙන බවට දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඔහුට තනතුරු අහිමි කිරීමේ තීරණය ගෙන ඇත්තේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් බවද සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ශ්‍රී ලංකා නිව්ස් වෙත පැවසුවේය.

ඒ අනුව මුජිබර් රහුමාන්ට හිමිව තිබූ වෘත්තීය සමිතිවල නායක තනතුරු ඔහුට අහිමිවෙමින් තිබනෙ බවද සදහන් වේ. වෘත්තීය සමිතිවල ප්‍රධාන තනතුරු දැරීමට නම් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය යුතු බව සදහන් කර ඇති සජිත් ප්‍රේමදාස, මුජිබර් රහුමාන්ට පක්ෂය තුළ හිමිව තිබූ තනතුරු අහිමි කරමින් සිටින බවද එම නායකයා සදහන් කළේය.

මුජිබර් රහුමාන්ට හිමිව තිබූ තනතුරු චමින් විජේසිරි මන්ත්‍රීවරයාට ලබාදීමට කටයුතු කරමින් තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *