සංස්ථා මිලට වඩා රු. 03 ක් අඩුවෙන් තෙල් දෙන්න සිනෝපෙක් ඉල්ලයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල මිල ගණන් වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් අඩුවෙන් අලෙවි කිරීමට sinopec සමාගම තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සඳහා තෙල් සංස්ථාව පාර්ශ්වයෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

එමෙන්ම sinopec සමාගම මේ වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 130 පවරා ගෙන ඇති බවත්, ගිවිසුමට අදාළව තවත් ඉන්ධන පිරවුම්හල් 20 ක් එම සමාගමට පවරා දීමට ආණ්ඩුව එකඟ වී ඇති අතර නමුත් තවමත් එම පිරවුම්හල් 20 සමග ආණ්ඩුව ගිවිසුම් ගත වී නොමැති බවත් වාර්තාවේ.

Sinopec සමාගම පළමු ඉන්ධන තොගය ලෙස, ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් මෙම මස මුලදී ආනයනය කර ඇත.

කෙසේ නමුත් මෙම ගැටලු සහගත තත්ත්වය සමනය කරමින් sinopec සමාගමට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන බෙදීම ආරම්භ පමණ ගතවනු වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *