ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ වෙනසක්

ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකිරිමට නියමිත බව වාර්තාවේ. ඊයේ සිට පත්කර ඇති නව ක්‍රිකට් අතුරු කමිටුව විසින් මෙම වෙනස්කම කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

එමෙන්ම ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කිරිමට නියමිත අතර ඉදිරි තරගාවලි ඉලක්ක කරමින් එම වෙනස්කම් සිදු කිරීමට නියමිතය.

නව අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් ඉදිරි මාස තුන ඇතුළත ජයග්‍රහණය ගෙන ඒම සඳහා බරපතළ තීරණ කීපයක්ම ගැනීමට සූදානම් බවයි. මේ අතර ලෝක කුසළාන තරගාවලියේ ඊයේ පැවති ශ්‍රී ලංකා බඟ්ලදේශ් තරගයෙන්ද ශ්‍රී ලංකා පිලට බරපතල පරාජයක් අත්විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *