ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් කරුවෙක් ඉන්දියාවේදී අත් අඩංගුවට.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු තමිල්නාඩුවෙන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි .

මොහොමඩ් ඉම්රාන් ඛාන් හෙවත් “හජා නජර්බීඩන්” නම් මොහු 2021 ජුනි මාසයේ සිට පොලිසිය මගහරිමින් සිටි අයෙක් බවත් දීර්ඝ ලුහුබැඳීමකින් පසු ඔහු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රකාශකයෙක් පැවසීය.

තමිල්නාඩුවේ රාමනාතපුරම් හි පදිංචි කටුවෙක් වූ ඉම්රාන් ඛාන්, කලාපයේ නීති විරෝධී ක්‍රියාකාරකම්වල දීර්ඝ ඉතිහාසයක් ඇති කුප්‍රකට ජාවාරම්කරුවෙකු බව මූලික විමර්ශනයකින් හෙළි වී ඇතිබවද ඔහු පැවසීය. “ඔහු විවිධ නීතිවිරෝධී මෙහෙයුම්වලට සම්බන්ධ වීම නිසා ඔහු නීතිය ක්‍රියාත්මක කරන ආයතන කිහිපයකට අවශ්‍යව සිටි පලාගිය අයෙකි” ඔහු පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *