ශ්‍රී ලංකාවේ තහනම ස්ථීර කරයි . 19 පහළ ලෝක කුසළානය පැවැත්වීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට.

ලබන වසරේ ජනවාරි 14 සහ පෙබරවාරි 15 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19 පහළ ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලි දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට නොවැම්බර් 10 ගත් තීරණය පිළිබඳ සවිස්තරාත්මක සාකච්චාවකින් පසු එම තීරණය ස්ථිර කිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!