වීසා දඩය ඉහලට

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ.

එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද, දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *