විමල්, උදය හෙලිකොප්ටරයෙන් බිමට පනී

මෑතක දී පිහිටුවන ලද නිදහස් ජනතා සන්ධානය තුළ මේ වනවිට බරපතළ බෙදීම් හටගෙන ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරිම ඇතුළු කරුණු ගණනාවක පිළිබඳ එහි හවුල්කාර පක්ෂ අතර පවතින මතභේදය නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව එම සන්ධානයේ ජ්‍යේෂ්ට සාම්මාජිකයෙක් පැවසීය. එම තත්ත්වය නිසා නිදහස් ජනත සන්ධානයේ හවුල්කාර පක්ෂ මැයි දිනය එක් වේදිකාවක සමරනු වෙනුවට වෙන් වෙන්ව සැමරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පොදුජන පෙරමුණ සමග නැවත එක්විමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදානමින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට අදාලව උදය ගම්මන්පිල සහ මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්චාවක් පසු ගිය දිනක පැවති බවත්, ඉදිරියේදී විමල් වීරවංශද මහින්ද රාජපක්ෂ හමුවීමේ සූදානමින් පසුවන බවත්, දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *