මෙම වර්ෂයේ ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.
ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අඛණ්ඩ ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විසින් “පසුගිය ජනවාරි මාසයේ මෙන්ම, ජුනි මාසයේ ද විදුලි මිල සංශෝධනය කිරීමට කටයුතු කළා. ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක් පමණ සිටිනවා. ඉන් ඒකක 30 සිට ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනය කරන්නන් ලක්ෂ තිස් පහකට සියයට 55ක මිල අඩු කිරීමක් අවසන් වරට කළ මිල සංශෝධනයේදී සිදු කළා. ලියාපදිංචි ආගමික සිද්ධස්ථාන 40,000ක් පමණ තිබෙනවා. ඉන් 15,000ක පමණ විදුලිය භාවිතා කරන්නේ ඒකක 30ට අඩුවෙන්. ඒ වගේම කර්මාන්ත අංශයටත් පසුගිය විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට රජයට හැකි වුණා.
පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 409ක් ලෙස වාර්තා වුණා. පසුගිය වසරේ පමණක් එම අලාභය රුපියල් බිලියන 167.2ක් වනවා. පැවති අලාභය නිසා විවිධ අපහසුකම්වලට මුහුණදීමට සිදු වුණා.”
එමෙන්ම විදුලිබල මණ්ඩලය දැන් මූල්‍ය අතින් ශක්තිමත් තැනකට පැමිණෙමින් තිබෙන බවත්, පසුගිය වසර 03 තුළ නවතා දමා තිබූ නඩත්තු කටයුතු සහ නව සබඳතා ලබා දීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙන බවත්, විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත්, විදුලිබල මණ්ඩලයේ දැනට සේවයේ නියුතු ස්ථිර නොවූ NVQ පාඨමාලා හදාරා ඇති සේවකයින් ස්ථිර කරන බවත්, සංස්ථාව විසින් ඉන්දියාව හා ඉරාන තෙල් සැපයුම්කරුවන්ට මෙන්ම ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් සියල්ල ගෙවා අවසන් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
එමෙන්ම න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳවත් අවධානය යොමු කර ඇති අතර, එය 2023 – 2042 ජනන සැලසුමට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඉන් ලැබෙන ප්‍රතිඵලය අනුව න්‍යෂ්ටික බලශක්තිය අපේ රටට ලැබිය යුත්තේ කවදාද යන්න තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මාස වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.