වැදගත් සභාවක වැදගත් විදියට හැසිරෙන්න බැරිනම් එළියට යන්න – විජේදාස ඩයනා සභාවෙන් පන්නයි

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ එම කාරක සභාවෙන් ඉවත් කිරීමට, විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කටයුතු කර තිබේ.

මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ අමාත්‍යරයා කටයුතු කරන අතර සීතා අරඹේපොල, රමේෂ් පතිරණ, චරිත හේරත්, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා සාමාජිකයෝ ලෙස කටයුතු කරති. පසුගියදා රැස්වූ මෙම කාරක සභාවේ කටයුතු සදහා චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ තරමක් ප්‍රමාදවය.

ප්‍රමාදවී පැමිණි චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා අදහස් දක්වන විට ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය එයට බාධා වන අයුරින් කතා කර තිබේ. චන්දිම වීරක්කොඩි හිටපු ඇමැතිවරයෙක් බවත්, ඔහුට අදහස් දැක්වීමට ඉඩක් තිබිය යුතු බවත් විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා පවසා තිබේ

‘‘මෙයා මෙච්චර කල් ඉදලා මොනවද කරලා තියෙන්නේ. කිසිම දෙයක් කරන්නේ නැතිව ඉදලා, දැනුත් මෙතැනට පරක්කුවෙලා ඇවිත් කතා කරනවා“ ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය දිගින් දිගටම බාධා වන අයුරින් කතා කර තිබේ.

“මේක වැදගත් සභාවක්. වැදගත් සභාවක වැදගත් විදියට හැසිරෙන්න බැරි නම් කරුණාකරලා එළියට යන්න“ යැයි කියමින් දිගින් දිගටම සභාවේ කටයුතුවලට බාධා වන ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය සභාවෙන් ඉවත් කිරීමට විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කටයුතු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *