රෝයල් පාක් ඝාතකයා අල්ලන්න සූදානම්

රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියමවී සිටියදී නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නීතිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමව ලබාදුන්නා.

ජූඞ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාර සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීරණය කළා.

විත්තිකාර ජයමහ නැමැත්තා මේවන විට විදේශගතව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!