රාමඤ්ඤ මහා නිකායේ අනු නායක නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් අපවත් වෙයි

රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් අපවත්වී තිබේ.
උන්වහන්සේ අපවත් වන විට 73 වියේ පසු වූ අතර, පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමස්ත ලංකා පිරිවෙන් අධ්‍යාපන උපදේශක හිමි නමක ලෙසද කටයුතු කරනු ලැබීය.

එමෙන්ම අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලක සභික ලෙසද උන් වහන්සේ කටයුතු කර තිබෙන අතර, 1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසකද තනතුරු හෙබවූ බවද සඳහන් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *