රයිස්, කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවත් ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවති.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට වෙළෙඳපොළේ ගෑස් මිල අඩු කිරීමත් සමග මෙම තීරණය ගත් බව එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *