රනිල් මරික්කාර් හමුවක් – මරික්කාර්ගේ ඉල්ලීම් දෙන්න ජනපති එකඟ වෙලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අතර හමුවක් පසුගිය දා සිදුවුණා.

ඒ, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාත් ද මැල් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවේ දීයි.

එහිදී එස්.එම්.මරික්කාර් මහතා කොලොන්නාව ප්‍රදේශයට සම්බන්ධ ඉල්ලීම් රැසක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

එම ඉල්ලීම්වලට සවන්දුන් ජනාධිපතිවරයා එම ඉල්ලීම් ඉටුකර දෙන බව සඳහන් කර තිබුණා.

මීට පෙරද ජනාධිපතිවරයා ගංවතුර තත්ත්වය ඇතිවූ අවස්ථාවේ කොලොන්නාව ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී ද එස්.එම්.මරික්කාර් මහතා ජනාධිපතිවරයාව හමුවී අපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!