රනිල් ජනපතිවරණයට එනවානම් අපි උදව් කරනවා

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇති බවට බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකත්වයට ඉදිරිපත් වනවා නම් ඔහුට සහාය පළ කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“පොහොට්ටුවේ කවුරුත් තාම කියලා නෑ ඊළඟ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට උදව් කරනවා ද නැද්ද කියන ඒක අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. හේතුව තාම ජනාධිපතිවරණයක් නම් කරලා නෑ. ජනාධිපතිවරණයක් නම් කරපු වෙලාවට අපි කියන්නම් අපේ අපේක්ෂකයා කවුද කියලා. එතුමා ගන්න සමහර තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි . ඒත් රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දු මත රට යම් ස්ථාවර මට්ටමකට රට පත් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ ”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *