මෝටර් රථයක් ගැටී නලයකට හානි – ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රුක්මල්ගම , පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ගොඩගම මංසන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් ජල නලයේ වැදී අනතුරට ලක් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!