මේක චන්ද තියන වෙලාවක් නොවෙයි

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගත වි ඇතත්, ඔවුනගේ ආර්ථික සහ සමාජීය තත්ත්වය ඉහළ නංවා යටිතල පහසුකම් නංවාලිමට මේ රටේ කිසිම රජයක් කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පැවසීය .

තමන් කිසිදු පක්ෂයකට සහය නොදක්වන මන්ත්‍රිවරයෙකු බවත්, තමන් සැම විටම කටයුතු කරන්නේ වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනිමට බවත් ඔහු අවධාරණය කළේය.

රටේ ආර්ථික ගැටළුව තවමත් විසඳී නැති බැවින් මේ අවස්ථාව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නැතිබවත්, වතුකරයේ ජනතාවගේ ප්‍රශ්ණ විසඳීමට මැදිහත් වන ඕනෑම කෙනෙකුට ලබාදීමට ඡන්ද දාහත් ලක්ෂයක් තමා සතුබවත් ඔහු එහිදී පැවසිය.

හැටන් හී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *